සීදූව VTI
දැක්මආබාධ සහිත පුද්ගලයින් සඳහා සමාජය තුළ සමාන අවස්ථා සැලසීම. මෙහෙවරආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව හා පුනරුත්ථාපනය තුළින් යහපත් හා මනා ආර්ථික හා සාමාජීය තත්වයන් සමාජය තුළ ඇති කිරීම. ඉතිහාසය1912 දී මිෂනාරිවරුන් විසින් රත්මලාන අඳ-බිහිරි පාසලත් 1935 දී රාගම ගොළු බිහිරි පාසලත් 1956 දී කයිතඩි හි ගොළු බිහිරි පාසලක් ආරම්භ කර ඇත. එංගලන්තයේ ෂෙනානා මිෂනාරි සංවිධානය මඟින් ආරම්භ කරන්නට යෙදුන පාසල් යටතේ කාර්මික වැඩපලක් ලෙස දෘශ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සඳහා වු සේවාවන් ලබාදීම සඳහා මෙම සීදුව ආයතනය ආරම්භ කර ඇත. 1956 ඔක්තෝම්බර් 01 දින මෙම ආයතනය රජයට පවරාගෙන ඇත. දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා |
ගමන් මාර්ගයකොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.
|