ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම
ආබාධ සහිත තත්වයෙන් පසුවන තරුණ / තරුණියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරමින්, ආත්මාභිමානයෙන් යුතුව ස්වාධීනව නැගී සිටීමට ඉඩප්‍රස්ථා සපයාදෙමින් ඔවුන් ජාතික ශ්‍රම බලකායේ සක්‍රීය කොටස්කරුවන් කිරීම මෙහි අරමුණයි. ඒ සඳහා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගත හැකි පරිදි වෘත්තීය ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් ලබාදීමත් ඉන් අනතුරුව සමාජ ගත කිරීමත් සිදුකෙරේ.
ප්‍රධාන දිස්ත්‍රික් පහ (05) ක වෘත්තීය පුහුණු ආයතන අට (08) ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
දිස්ත්‍රික්කය | පුහුණු ආයතනය |
ගම්පහ | සීදූව වෘත්තීය පුහුණු ආයතනය |
අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය | |
රාගම රෝහලට අනුබද්ධ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය | |
මහනුවර | වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය |
කැටවල වෘත්තීය පුහුණු ආයතනය | |
හම්බන්තොට | තෙලඹුයාය වෘත්තීය පුහුණු ආයතනය |
රත්නපුර | කලවාන වෘත්තීය පුහුණු ආයතනය |
පුත්තලම | මාදම්පෙ වෘත්තීය පුහුණු ආයතනය |
මඩකලපුව | වාලච්ඡේන වෘත්තීය පුහුණු ආයතනය |
ත්‍රිකුණාමලය | ත්‍රිකුණාමලය වෘත්තීය පුහුණු ආයතනය |
අවශ්‍ය සුදුසුකම්
- වයස - අවුරුදු 16 - 35 ත් අතර
- පහත සඳහන් ආබාධිත තත්ත්වයන් ඇති පුද්ගලයකු වීම.
- ශ්‍රවණ හා කථන ආබාධ
- චලන ආබාධ
- දෘශ්‍යාබාධ
- මන්ද මානසික (සෙමෙන් මනස වැඩෙන)
- අපස්මාරය
- මානසික රෝග
- බහු ආබාධ
(අවශ්‍ය අවස්ථාවලදී ලියාපදිංචි වෛද්‍ය වරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය)
- මූලික දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වීම.
තෝරාගැනීමේ ක්‍රමවේදය
- පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරී (සමාජ සේවා) මගින් අයදුම් පත් ලබාගත යුතුය.
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරී (සමාජ සේවා) වෙත බාරදිය යුතුය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලද අයදුම්පත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත ලබාගැනීමෙන් පසුව විධිමත් සම්මුඛ පරීක්ෂණයකට ලක්කොට පාඨමාලා සඳහා සුදුසු අභ්‍යාසලාභීන් තෝරාගනු ලැබේ.
සැපයෙන පහසුකම්
- නොමිලේ ආහාර පාන, වෛද්‍ය හා නේවාසික පහසුකම් ලබාදීම.
- පුහුණුවන්නන් සඳහා දිනකට රු. 00 ක දීමනාවක් ලබාදීම.
- නිල ඇඳුම්, සැහැල්ලු ඇඳුම්, පාවහන් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම.
- සාර්ථක පුහුණුව අවසානයේ ස්වංරැකියාවක් සඳහා රු. 25,000.00 ක උපරිම වටිනා කමකින් යුත් මෙවලම් කට්ටලයක් ලබාදීම.
- වෘත්තීය පුහුණුවට අමතරව බාහිර ක්‍රියාකාරකම්
- ජාතික මට්ටමේ ක්‍රීඩා හා කලා කටයුතු සඳහා අවස්ථාව ලබාදීම.
- විනෝද චාරිකා , නායකත්ව පුහුණුව , සංඥා භාෂා පුහුණුව , දිශානතිය හා චලතා පුහුණුව ලබාදීම.
- පාඨමාලාව සාර්ථකව අවසන් කරන අභ්‍යාසලාභීන් රැකියාගත කිරීම සඳහා සම්බන්ධීකරණය සිදුකිරීම.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරීන්ගෙන් වැඩි විස්තර ලබා ගත හැක