ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය - 2012

  2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 09:15 Department
 
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය 2012 දෙසැම්බර් මස 03 වන දින, කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සමාජ සේවා අමාත්‍ය ගරු ෆීලික්ස් පෙරේරා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු චන්ද්‍රසිරි සූරිය ආරච්චි මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් ගේ  සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.
 

මෙවර ජාත්‍යන්තර ප්‍රජාව දක්වා ඇති තේමාව වන්නේ අන්තර්කර‍ණය හා ප්‍රවේශය සහිත සමාජයක් සඳහා සැමට ඇති බාධක දුරලමු යන්නය. මෙම උත්සවයෙහි ආරාධිත දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සම්භාව්‍ය භාෂා අංශයේ හිටපු මහාචාර්ය ඊ.පී.එම්.වී.වීරක්කොඩි මහතා විසින් පවත්වන ලදි. මෙම උත්සව අවස්ථාවෙහි විශේෂ කර්තව්‍යක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා සමාජ සේවා අමාත්‍යාංශය  ඒකාබද්ධව තෝරාගත්, ආබාධ සහිත පාසල් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවු විශේෂිත පාසල් 25 ක විදුහල්පතිවරුන් සඳහා සමරු ඵලක හා සහතික පත් බෙදාදීම දැක්විය හැක. අනතුරුව විශේෂිත පාසල්හි දරුවන්ගේ හා වෘත්තිය පුහුණු ආයතනවල සිසුන්ගේ චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයන්ට තිළිණ හා සහතිකපත්ද ප්‍රදානය කරන ලදි.

සීදූව හා වත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි සිසු දරුවන්ගේ නර්තය අංගයන්ගෙන් මෙම උත්සවය වඩා විචිත්‍රවත් විය.පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන ගරු කමලා රණතුංග මැතිණිය, ගරු බුද්ධික පතිරණ මැතිතුමා , සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ඉමෙල්ඩා සුකුමාර්, අතිරේක ලේකම් (පාලන) නීලමණී අබේරත්න, අතිරේක ලේකම් (සංවර්ධන) එම්.සී.එල්. ප්‍රනාන්දු, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එම්.ඩී.සී. ජයමාන්න, සමාජ සේවා අධ්‍යක්ෂ, හේමචන්ද්‍ර හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු රැසක්ද ආබාධ සහිත තැනැත්තන් උදෙසා වූ ජාතික සභාවේ සාමාජිකයන්, ආබාධ සහිතවූවන්ගේ ස්වේච්ඡා සංවිධානයන්හි නියෝජිතයන්, පාසල් සිසුහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
 
graphics2  පින්තුර ගැලරිය

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 දෙසැම්බර් 17 වෙනි සදුදා, 07:07 )                                      තව දුරටත් කියවන්න...

විශේෂ සිදුවීම්

2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා Department
New_Picture_1
 
අවසන් යාවත්කාලීන කිරීම ( 2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 10:31 )                                 තව දුරටත් කියවන්න...

අන්තර්කර‍ණය හා ප්‍රවේශය සහිත සමාජයක් සඳහා සැමට ඇති බාධක දුරලමු

2012 දෙසැම්බර් 04 වෙනි අඟහරුවාදා, 08:27 Department

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය දෙසැම්බර් මස 03 වන දින පෙ.ව. 9.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සමාජ සේවා අමාත්‍ය ගරු ෆීලික්ස් පෙරේරා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු චන්ද්‍රසිරි සූරිය ආරච්චි මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් ගේ  සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  අවසන් යාවත්කාලීන කිරීම ( 2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 11:02 )                                           තව දුරටත් කියවන්න...