සමාජසේවා අමාත්‍යංශයේ ආරම්භය


1944 ජූලි මස 10 වන දින පත්කරන ලද සර් අයිවෝ ජෙනින්ග්ස් කොමිසමෙහි VII වන සැසි වාර්තාවෙහි නිර්දේශ ප්‍රකාරව ඒ හා සම්බන්ධ කටයුතු වෙනුවෙන් 1948, පෙබරවාරි 01 වන දින සමාජසේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. දෙපාර්තමේන්තුවේහි මූලික කටයුත්ත වූයේ පවත්නා සමාජ සේවාවන් දියුණු කිරීම සහ කොමිසමෙහි යෝජනා සංවර්ධනය කිරීමයි.
ආචාර්ය අයිවෝ ජෙනින්ස් කොමිසම වෙත සමාජ සහායට අදාල ක්‍රියාකාරකම් සහ සේවාවෙහි තත්ත්වය සහ කම්කරුවන්ගේ වන්දි ගෙවිම් මව්වරුන්ට සහන සේවා සැපයීම් ව්‍යාප්ත කිරිම පරීක්ෂා කිරීමටත්, සම්බන්ධීකරණ ක්‍රමවේද ගවේශනය කිරීමටත් එමෙන්ම එවකට සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් හසුරුවන්නට යෙදුණු පහත ඒවාට අදාල සමාජ ආරක්ෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද ගවේශනය කිරිමටත් යන ක්‍රියාකාරකම් වලට අදාලව කටයුතු කිරිමට බලය පැවරී ඇත.

 

  •  වෘද්ධාවධියේදි  විශ්‍රාවැටුප්
  • රෝග සහ දීර්ඝ කාලීන ආබාධ සහිත තත්ත්වයන්හිදි සහන සැලසීම
  • රැකියා විරහිත කාලයන් තුලදී සහන සැලසීම
  • විශ්‍රාදිවියේදී විශ්‍රා වැටුපත් ගෙවිම
  • වැන්දඹු හා අනත් දරුවන් වෙත  විශ්‍රාවැටුපක් ගෙවීම

1947 සැප්තැම්බර් 21 දිනැතිව රජයේ ගැසට් පත්‍රයේ පළකළ සමාජ සේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමේ මූලික අවශ්‍යතාව ලෙස සැලකෙනු ලැබූයේ සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමයි. එම වර්ෂයේදී මුල්‍ය ප්‍රතිපාදනයක් නොමැති වූ බැවින්, සමාජ ආරක්ෂණ ක්‍රමය ස්ථාපිත කිරීම කල් දැමුණු අතර 1948 පෙබරවාරි 01 දින සමාජ සේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරෙන ලදී.

මූලික දෙපාර්තමේන්තු ව්‍යුහය

1948 පෙබරවාරි 01 දින සිට බලපැවැත්වනෙ පරිදි වැඩ බලන සමාජසේවා අධ්‍යක්ෂවරයා ලෙස ලංකා පරිපාලන සේවයෙහි නියුතුව සිටි සහ ආචාර්ය අයිවෝ ජෙනින්ස් කොමිසමෙහි ලේකම් ලෙස කටයුතු කරන ලද කම්කරු අතිරේක ලේකම් බී. පොන්නයියා මහතා පත්කරන ලදී. නවසීලන්ත රජයේ යහපත් සබඳතා මත පදනම් ව කරන ලද ඉල්ලීමකට අනුව සමාජ ආරක්ෂණය පිළිබඳව අත්දැකීම් සහිත වූ ඩී.ටී. ග්‍රෑන්ඩ්සන් මහතා නව දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා ලෙස වසර තුනකට රාජකාරි භාර ගැනීමට නිදහස් කරන ලද අතර 1948 ජූලි 13 දා සිට ක්‍රියාත්මක වූ පරිදි ග්‍රෑන්ඩ්සන් මහතා සමාජ සේවා අධ්‍යක්ෂවරයා සහ කම්කරු වන්දි කොමසාරිස්වරයා ලෙස ධූරන්ධර විය.

ශ්‍රී ලංකාවෙහි සමාජ සේවා ව්‍යුහයෙහි ඉතාම වැදගත් ලියවිල්ලක් ලෙස VII වන සැසි වාර්තාව පත්විය. එවකට පැවති සමාජ සේවා ක්‍රියාකාරකම් පිළිබඳව දීර්ඝ සමාලෝචනයක යෙදෙන එම වාර්තාව මගින් අනාගතයේදී සමාජ සේවාවන්ට අදාලව ගැනීමට ඇති පිළියම්ද විග්‍රහ කරයි. මෙම වාර්තාවෙන් සපයන ලද තොරතුරු බොහෝ සෙයින් 1948 ස්ථාපිත කළ සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ එහි ක්‍රියාකාරීත්වය කෙරේ බලපෑම් කරන ලදී. නිර්දේශ සපයන ලද්දේ ක්‍රියාත්මක කළ යුතු සමාජ සේවා කරුණු මොනවාද යන්න සැළකිල්ලට ගනිමින් පමණක් නොව ‍රටෙහි ආර්ථික තත්ත්වය සම්බන්ධ කරුණු ක්‍රියාවට නැංවීමට හැකියාවක් නොමැති කරුණුද නිසා නිර්දේශ ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව, කම්කරු අමාත්‍යංශය යටතේ ස්ථාපිත කළ නිසා, කම්කරු දෙපාර්තමෙන්තුව වගකීම් දරණ ලද බොහෝ කටයුතු නව දෙපාර්තමේන්තුව යටතට ගැනිණ. මෙම නව දෙපාර්තමේන්තුව සමාජ සුභසාධන කාර්යය පැවරුණු ප්‍රථම රජයේ දෙපාර්තමේනතුව බවට පත්විය. කෙසේ නමුදු, දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් අනතුරුව ආපදා සහ අනාථ වීම නිසා රෝගාතුර වූ පුද්ගලයන් වෙත සහන ලබාදීමට කටයුතු කරන ලදී.

පළමු ආරම්භය මගින්ම, දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කෙරුණේ, ශ්‍රී ලංකාවෙහි සමාජ සේවා කටයුතු වල වර්ධනය සඳහා ලෝකයේ අනෙකුත් රටවල ඇති සමාජ සේවා දෙපාර්තමේන්තු වල කටයුතු අධ්‍යනය කිරීමටයි. වයෝවෘද්ධ වූවන්ට නිවාස සහ අනෙකුත් සුභ සාධන ආයතන සඳහා සහාය දෙන අතරතුර 1951 දී දෙපාර්තමේන්තු මගින් ලබාදුන් උපදෙස් සමඟ වයෝවෘද්ධ වූවන් සඳහා නිවාස ද ආරම්භ කෙරිණ. මාතෘ නිවාස අරඹන ලද්දේ ප්‍රාදේශීය රජයේ ආයතන හා සුභ සාධන ආයතන මගිනි ( මාතෘ නිවාස වලට සම්බන්ධ කටයුතු දැන් පවතින්නේ පුනරුත්ථාපන අමාත්‍යංශය යටතේය)

1952 දී දෙපාර්තමේන්තුවේ අවධානය සමාජ ආරක්ෂණ ක්‍රමයක් වෙත යොමුවිය. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුව යටතේ වන ජාතික සුභසාධන ක්‍රමයක් ස්ථාපිත කිරීමට තීරණය විය.

1948 දෙපාර්තමේන්තුව ආරම්භයේදී ප්‍රධාන ක්‍රියාකාරීත්වය වූයේ, මාසික මහජන දීමනාවක් ක්‍රියාත්මක කිරිම, ආපදා සහන ශ්‍රමිකයන්ගේ වන්දි, වැඩිහිටියන් සඳහා නිවාස පවත්වාගෙන යාම, ස්වේච්ඡා සංවිධාන වලට මූල්‍ය සහාය ලබා දීමයි.

1953 දී ක්ෂය රෝගයෙන් පීඩා විඳි දුගී පුද්ගලයන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමට මාසික දීමනාවක් සැපයීමට යෝජනා ක්‍රමයක් ඇරඹුණු අතර 1959 දී එවැනිම යෝජනා ක්‍රමයක් ලාදුරු රෝගීන්ට ආධාර කිරිමටද ආරම්භ විය. 1996දි තැලසීමියා රෝගීන්ට රු 500.00ක මුදලක ආධාර සැපයීමේ චක්‍රලේඛ නිකුත් කර ඇත.

වැඩිහිටි නිවාස 1951 දී කොග්ගලද, 1952දී අනුරාධපුරයේද, 1954දී කයිතඩි වලද 1957දී මීරිගමද ස්ථාපිත කරන ලදී. කෙසේ නමුදු 1971 දී කොග්ගල තිබූ වැඩිහිටි නිවාසය වසා දමන ලදී. එවැනි වැඩිහිටි නිවාස පවත්වාගෙන යන ස්වේච්ඡා සංවිධාන සඳහා යෝග්‍ය මූල්‍ය සහාය ලබාදෙන ලදී.

1952‍.09.01 දින සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ඇතිව අංග විකල පුද්ගලයින්ගේ සුභසිද්ධිය සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ විය. 1957 දී අංගවිකල පුද්ගලයින්ගේ ආදායම් මාර්ග සඳහා සමාජයේ පුනරුත්ථාපනය කිරිමට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම තුලින් ශ්‍රී ලංකාවෙහි එම පුද්ගලයන් පුහුණු කිරිමට ජාත්‍යංතර කම්කරු සංවිධානයේ ප්‍රාග්ධන සහාය සමඟ ක්‍රමවේදීය ප්‍රතිවැඩසටහන්කරණය සිදු කෙරිණ. දෙපාර්තමේන්තුව මගින් වෘත්තීය පුහුණුව සඳහා විශේසඥයකු වන එඩ්ගා මාලන්ඩ් ගේ උපදෙස් පරිදි, දෙපාර්තමේන්තුව තුල වෙනම ඒකකයක් ස්ථාපිත විය.

1957 සිට ආබාධිත පුද්ගලයන් පුනරුත්ථාපනය රජයේ වගකීමක් ලෙස සැළකිණ. ඒ අනුව සමාජයේ ස්ථානගත ‍වීමේ විෂමතාව සම්බන්ධයෙන් අංග විකල පුද්ගලයන් ඔවුන්ගේ හැකියා අනුව පුහුණු කර පුනරුත්ථාපනය සඳහා වෘත්තීය පුහුණු වැඩසටහනක් ආරම්භ විය. 1958 දී ආයතනය හා ක්‍රියාකාරීත්වය දෙපාර්තමේන්තුව විසින් අත්කරගන්නා ලද අතර වෘත්තීය පුහුණු සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරිණි. 1963 දී වත්තේගම සහ 1968දී ලේවිල, කෙටවල දී වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත විය. දෙපාර්තමේන්තුව විසින් 1991දී තෙලබුයාය සර්වෝදය මධ්‍යස්ථානය අත්කර ගෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ප්‍රතිකාර ලබන අතරතුර අංග විකල පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට රාගම පුනරුත්ථාපන රෝහලෙහි 1983 දී ආරම්භ වූ විශේෂ ඒකකයයි.

ප්‍රථම වරට මන්ද මානසික දරුවන් සඳහා පුහුණු කිරිමට, කළුතර පැලවත්තේ 1979 දී වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹිණ. අධිකරණ මගින් යොමුකරන මන්ද මානසික දරුවන් රැඳවීමට මීරිගම වැඩිහිටි නිවාසයට අනුබද්ධිතව 1982 දී අංශයක් අරඹන ලදී. 1987දී පැලවත්ත මධ්‍යස්ථානය ගංගොඩවිල රැඳවුම් නිවාසයට මාරු කොට පසුව අනුරාධපුර වැඩිහිටි නිවාසයේ කොටසකට මාරු කරන ලදී. 1990 දී ගම්පහ දිස්ත්‍රික්කයේ අමුණු කුඹුර, වතුරුගම, ස්ථිර මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරුණු අතර මන්ද මානසික දරුවන් රඳවනු ලැබීය. තවද, ‍ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන මගින් කළමනාකරණය කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා ආධාර සැපයීමට සැළසුම් සකස් කරන ලදී.

ආබාධිත පුද්ගලයන් සඳහා සහන ලබාදිය යුතු බව ආචාර්ය අයිවෝ ජෙනින්ස් වාර්තාව ප්‍රකිශ කරන ලදී. ආරම්භයේදී ඒවාට සහාය ලබාදෙනු ලැබූයේ මහජන අරමුදල්, රෝද පුටු පිරිනැමීය. කෘතිම පාද, කැලිපර, රේද තුනේ බයිසිකල, කණ්නාඩි, ශ්‍රවන ආධාරක සහ එවැනි අවශ්‍යතා සපුරමින් වන අතර මෙම සේවා ලබාදීම වර්ධනය කිරීමට දෙපාර්තමේන්තුව සෑම විටම පියවර ගෙන ඇත. 1954 දී යාචකයන්ගේ ගැටළු සම්බන්ධ සමීක්ෂණයක් කෙරිණ. තවද 1956 XA සැසි පත්‍ර වල තොරතුරු මත පදනම්වී අනාචාර ආඥා පනතේ ඇතැම් දුර්වලතා ඉවත් කරමින් ගරු ඇමතිවරයා විසින් පත් කරගන්නා ලද විශේෂ උප කමිටුවක් මගින් නිර්දේශ ඉදිරිපත් කෙරිණ. අනාචාර ආඥා පනතේ විධිවිධාන යටතේ ක්‍රියාත්මක වූ රැඳවුම් නිවාස 1950 දී දෙපාර්තමේන්තුව යටතේ වූ අතර ගංගොඩවිල රැඳවුම් නිවාසයක් ඇරඹිණ. මෙම රැඳවුම් නිවාස දෙකම වර්තමානයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ය. 1988 දී අවතැන් වූ පවුල් පුනරුත්ථාපනය කිරිම සඳහා අනුරාධපුරයේ සේනපුරයේ නිවාසයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

1953 ඔක්තෝබර් 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත හා සමාජසේවා අමාත්‍යංශය යටතට දෙපාර්තමේන්තුව පැමිණෙන ලදී. 1970 මැයි මසදී දෙපාර්තමේන්තුව සමාජ සේවා අමාත්‍යංශය වෙත අනුයුක්ත කරන ලදී. එබැවින් වෙනමම අමාත්‍යංශයක් පිහිටුවීම මගින් දෙපාර්තමේන්තුවේ ක්‍රමයෙන් ඉහල යන දපොර්තමේන්තුමය අවශ්‍යතාව පිළිබඳව මනාව දක්වයි.

කම්කරු සහ සමාජ සුභසාධන රාජ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් විසින් 1989 දී දෙපාර්තමෙන්තුව සංවිධානය කරන ලදී. අමාත්‍යංශය පිහිටුවීමට පෙර දශක දෙකක කාලය තුලදී ශ්‍රී ලංකාවෙහි අවතැන් වු ජනතාව සම්බන්ධයෙන් විමර්ශනය කොට ඔවුන්ට සහාය දීමේ උත්සාහයන් කීපයක් ගන්නා ලදී. සමීක්ෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස අනතුරුව හඳුනා ගත් කරුණු වල පදනම මත නීතිගත වූයේ 1939 අංක 39 දරණ දුගී නීති ආඥා පනතයි. වාර්තාව සපයන ලද්දේ ශ්‍රී ලංකා සිවිල් සේවයෙහි එම්.එම්. වෙඩබන් මහතා විසිනි. සමීක්ෂණ වාර්තාව සමඟ ගත් කළ ඔවුන්ගේ වාර්තා බොහෝ විට ඉතා වැදගත් බව හඳුනා ගැනිණ. එබැවින් අවතැන් වූ පුද්ගලයන්ට සහන දීමේ පදනමින් කෙරෙන නෛතික හා පරිපාලන පියවරයන්හිදී නිර්දේශ ඉදිරිපත් කිරීමෙහිලා විමර්ශන කිරීමට එහු පත්කරන ලදී.

අවතැන්වූවන් වෙත කෙරෙන සහන වැඩසටහන යටතේ ආහාර මුද්දර නිකුත් කිරීම 1985 දී සමාජ‍සේවා දෙපාර්තමේන්තුව වෙත පැවරෙන ලදී. ඒ අනුව සම්පූර්ණ ජනගහනයෙන් අඩකට වඩා සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් සහන ලැබීය.1990දී දුගී සහන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළ විට දුගී සහන දෙපාර්තමේන්තුව වෙත සහන කටයුතු පැවරිණ. දුගී සහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළ සමාජසේවා නිළධාරීන් 140ක් නැවත 2004දී සමාජ‍සේවා දෙපාර්තමේන්තුවට අනු යුක්ත කරන ලදී.

ශ්‍රී ලංකා ස්වේච්ඡා සංවිධානයත් අනෙකුත් 1949 දී මහා බ්‍රිතාන්‍යයේ 1946 දරණ යුධ සුභසාධන පනතෙහි ආකාරයේම අනෙකුත් ස්වේච්ඡා සංවිධාන සහභාගීත්වයෙන් සාකච්ඡා පවත්වන ලදී. කෙසේ නමුදු මෙම සංවිධාන කෙසේ හෝ නීතිගත කළ හැකි විය. කෙසේ නමුදු 1980 දී, 1980 අංක 31 දරණ පනතින් අනුමත කරන ලද පරිදි, ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන හා ඔවුන්ගේ උපදෙස් කාර්යභාරය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්ව පැවතිණ. මෙම දෙපාර්තමේන්තුව රාජකාරි කපාහැරීමකින් යුතුව කටයුතු කිරීම; ස්වේච්ඡා සංවිධාන මගින් කරනු ලබන කටයුතු සිදුකිරීම සහ සමාජ සේවා කටයුතු වල නියුතු වීමට පිටරට යන පුද්ගලයන් වෙත වීසා නිකුත් කිරීම සම්බන්යෙන් චෝදනාවට ලක්විය. දෙපාර්තමේන්තුව විසින් ආපදාවට ලක්වූවන් සඳහා සහන සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ව්‍යසනයට පත් වූවන් වෙත පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව විසින් සහන සපයන තෙක් සහන සැපයීම සිදුකරන ලදී.

දෙපාර්තමේන්තුව විසින් ව්‍යසනයන්ට ලක්වූවන් වෙත සහන සපයමින් ස්ථිර ආදායම් මාර්ග සඳහා යොමු කර ගැටුම්, සාමාන්‍ය ව්‍යසන, ගංවතුර, නායයෑම්, සුළිසුළං, ඉඩෝර සහ සුනාමි වැනි තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වන්නවුන්ට සහන සපයන අතර බෝග විනාශ, ජාති භේද වැනි කළින් කළට ඇතිවන ඒවාද ඒ යටතට ගැනේ.